විසිතුන් වසක සිය අභිමානවත් හා නිකැලැල් දේශපාලන ගමන් මග තුල කලුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ පමණක් නොව සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාවගේම ජීවිත ආලෝකමත් කරන්නට ඔහු කළ කැප විම අප්‍රමාණය.

රෝහිත අබේගුනවර්ධන
කෙටි හැඳින්වීමක්

ගරු රෝහිත අබේගුණවර්ධන

එදා 1997 වර්ෂයේදී දේශාපාලන දිවි මගට එතුමන් අත් පොත් තබන්නේ තමන් ඉදිරිපත් වූ ප්‍රථම ප්‍රාදේශීය සභා මැතිවරණයෙන්ම බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට පත් වෙමිනි. එතැන් පටන් මේ දක්වා පළාත් සභා මන්ත්‍රීවරයෙක්, කලුතර දිස්ත්‍රික්කයේ ජනතාව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා රටේ වගකිවයුතු අමාත්‍යාංශ ගණනාවක් අති විශිෂ්ඨ අන්දමින් මෙහෙයවූ අමාත්‍ය වරයෙකු දක්වාත් එතුමන් දිනෙන් දින ඉදිරියට පැමිණි ගමන් මග තුල මහ ජනතාවගේ ආශිර්වාදය හා කෘතහස්ත දේශපාලන අත්දැකීම් සම්භාරයක පන්නරය ගැබ්ව පවතියි.

2005 දී එදා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ රජය තුල දැවැන්ත කාර්‍යභාරයක් සිදු කරමින් මෙරට පැවති තිස් වසරක කුරිරු ත්‍රස්තවාදයෙන් මවුබිම මුදවා ගැනීමට දැරුවා වූ ඒ උත්තුංග ප්‍රයත්නයට එවකට සේනාධිනායකායානන් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමන් සමගින් අත්වැල් බැද ගනිමින් එතුමන්ට රෝහිත අබේගුණවර්ධයන් ලබා දුන් යෝධ ශක්තිය අතිමහත්ය.

එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දක්ෂිණාංශික ගැති කදවුර හැකිතාක් මෙරට ත්‍රිවිධ හමුදාව සිදු කළ මානුෂීය මෙහෙයුම නිර්ධන අයුරින් විවේචනය කිරීමේදී හා ජ්‍යාත්‍යන්තර ඉදිරියේ එවකට රජය අපහසුතාවයට පත් කිරීමේදී ඊට විරුද්ධව අභීතව නැගී සිටිමින්‍ රට ජාතිය වෙනුවෙන් හඩ නැගූවෙකු ලෙසත් ජනාතාවගේ විශ්වාසය ත්‍රිවිධ හමුදාව හා රජය කෙරෙහි එක ලෙසින්ම රදවා තබා ගන්නට කැප වූ අයෙකු ලෙසත් රෝහිත අබේගුණවර්ධන යන නාමය ඉදිරියෙන්ම පවතියි.එදා අත්වැල් බැදගත් මිත්‍රත්වයේ හා පක්ෂපාතීත්වයේ දෑත් 2015 ජනවාරි 8 සිදු වූ මෙරට බල පෙරලියේ අපරාජිත සත්‍ය තම හෘදශාක්ෂිය තුල රදවා ගෙන කටයුතු කළ එතුමන්ව විශිෂ්ඨ හා ජනතාවාදී විපක්ෂයක භූමිකාවක් රටට ඉටු කිරීම වෙනුවෙන් කලුතර දිස්ත්‍රික්කයේ ජනතාව 2015 දී නැවතත් ව්‍ය්වස්ථාදායකය වෙත පත් කර ගනු ලබන්නේ ඓතිහාසික මනාප 127,040 ක් තරම් වූ සුවිසල් ප්‍රමාණයකිනි.

වැඩිදුර කියවන්න

එතැන් පටන් පුරා වසර 5කට ආසන්න කාලයක් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සෙවනැල්ල සේ එතුමන් ළග රැදිමින් ඒකාබද්ධ විපක්ෂයේ වගකීම හා කාර්‍යභාරය මනාව ඉටු කළ රෝහිත අබේගුණවර්ධනයන් සැමදා ජනතාව වෙනුවෙන් පෙනී සිටියේය. තමන් බලයේ රැදි කාල වකවානුවේ පමණක් නොව සෑම කලකදීම එක හා සමානව තමන්ට හැකි උපරිමෙන්ම කලුතර දිස්ත්‍රික්කයේ දියුනුවට හා ජනතාවාගේ යහපත වෙනුවෙන් ඔහු කරන ලද කැප වීම අතිමහත්ය.

2016 නොවැම්බර් මස පළමු වන දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීම වෙනුවෙන් බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමන් සමගින් මූලිකත්වය ගෙන ක්‍රියා කළ රෝහිත අබේගුණවර්ධනයන් විසින්ම මෙරට දේශපාලන වංශකතාවේ හැරවුම් ලක්ෂය බවට පත් වූ ගෝඨාභය රාජපක්ෂ නම් ඒ අභිමානවත් දූරදර්ශී හා කාර්‍යශූර චරිතය මෙරට නායකයා බවත පත් කිරීමේ සටනට කලුතර සුවහසක් වූ ශ්‍රී ලාංකික ජනතාව මෙහෙයවමින් පන පොවන ලදී. එතැන් පටන් අතිගරු ජනාධිපති තුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කරලමින් ඉසුරින් පිරි කලුතරක් බිහි කිරීමට ඇප කැප වෙන රෝහිත අබේගුණවර්ධන නම් ඒ ජනතාවගේ සැබෑ හෘදශාක්ෂියේ සළකුණ සමගින් අත්වැල් බැද ගන්නට මෙම වෙබ් පිටුව හරහා ඔබට අවකාශ සැළසෙයි. අපි දිනූ දේශය රැකගෙන අභිමානවත් ඉසුරින් පිරි ශ්‍රී ලංකාවක් වර්තමාන හා මතු පරපුරට ගොඩ නගමු. ඔබ සැමට සුභ අනාගතයක්!